Loading...

අඟුලාන නාවික යාත්‍රා අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අගුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

නාවික හමුදාව මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අනතුරට හේතුව සහ සිද්ධිය සම්බන්ධ කරුණු පිළිබඳව එම මණ්ඩලය මඟින් විමර්ශනයක් සිදුකරන බවයි.

මේ අතර, අනතුරින් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ (15) අනතුරට පත්වූ යාත්‍රාවේ සිට මුදාගත් නාවික හමුදා සාමාජිකයින් 11 දෙනා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නාවික හමුදාව සඳහන් කරනවා.

මේ අතර, අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද (16) ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්, පවතින රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුමට සැලකිය යුතු අභියෝගයක් එල්ල වී ඇති බව නාවික හමුදාව පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *