Loading...

බන්ධනාගාර නිලධාරීන් 3,069කට ගිනිඅවි පුහුණුව නෑ

සිරකරුවන් සමඟ සෘජුව කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් 3,069 දෙනෙකුට මේ දක්වා කිසිදු ගිනිඅවි පුහුණුවක් ලබාදී නොමැති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ, සිරකරුවන් කළමනාකරණය කිරීම ඇතුළු රාජකාරි කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, 2018 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ සිරකරුවන් සමඟ කටයුතු කරන නිලධාරීන් සහ නිලධාරිනියන් 2,389 දෙනෙකුට පමණක් ගිනිඅවි පුහුණුව ලබාදී තිබෙනවා.

මේ අතර, විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් 601 දෙනෙකුට එරෙහිව විගණන නිරීක්ෂණ වාර්තා වී ඇති බවද එම වාර්තාවේ සඳහන්.

ඒ අතර වැඩ තහනමට ලක්වූ නිලධාරීන් 149 දෙනෙකු, සේවයෙන් පහ කළ 28 දෙනෙකු, සේවයෙන් ඉල්ලා අස්වූ 28 දෙනෙකු, සේවය අවසන් කළ 23 දෙනෙකු සහ අනිවාර්ය නිවාඩු යැවූ නිලධාරීන් 8 දෙනෙකු සිටින බව අනාවරණ වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *