කොළඹ 9 ප්‍රදේශයේ මහල් නිවාසයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මහල් 14කින් සමන්විත අදාළ මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි පිහිනුම් තටාකය ආසන්නයේ තවත් ළමුන් කිහිපදෙනෙකු සමඟ අවට ප්‍රදේශය නරඹමින් සිටියදී දරුවා මෙලෙස පහළට ඇදවැටී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.







Leave a Reply