ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
අද (03) මධ්‍යම රාත්‍රී 12.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, මහවැලි ගඟ ආශ්රිත සහ පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂාව සඳහා අවශ්‍ය පූර්ව පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
එමෙන්ම ඉදිරි කාලය තුළ තවදුරටත් වර්ෂාපතනය අපේක්ෂා කරන බැවින් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.







Leave a Reply