Loading...

අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ බසී

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල 1%කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුව වන විට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,519.94ක් ලෙස සටහන් වූ අතර, දෙසැම්බර් මාසයේ බෙදාහැරීම් සඳහා වන අමෙරිකානු රන් අනාගත ගිවිසුම් මිල ද 1.2%කින් පහළ ගොස් ඩොලර් 3,519.00ක් ලෙස වාර්තා වුණා.

අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ ඉදිරි පොලී අනුපාත තීරණයන් පිළිබඳ ඉඟියක් ලබා ගැනීම සඳහා අද පස්වරුවේ නිකුත් වීමට නියමිත එරට ප්‍රධාන උද්ධමන දත්ත දෙස ආයෝජකයින් දැඩි අවධානයකින් පසුවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කොටස් වෙළෙඳපොළේ ඇති වූ පසුබෑම හේතුවෙන් ආයෝජකයින්ට මුදල් අවශ්‍ය වීම සහ ප්‍රධාන මුදල් ඒකක හයකට සාපේක්ෂව ඩොලරයේ අගය 0.2%කින් ඉහළ යාම මෙම රන් මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

මේ අතර රන් මිලට සමගාමීව අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ද අද පහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක් 1.1%කින් පහළ ගොස් ඩොලර් 40.41ක් ලෙසත්, ප්ලැටිනම් 1.2%කින් පහළ ගොස් ඩොලර් 1,260.32ක් ලෙසත්, පැලේඩියම් 0.4%කින් පහළ ගොස් ඩොලර් 850.45ක් ලෙසත් සටහන් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *