ශ්‍රී ලංකවේ පළාත් 9 තුළ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනවා.
ඒ දිස්ත්‍රික්ක මොනවද කියලා ගොඩක් අය දන්නවා වුණාට ඒ ඒ දිස්ත්‍රික්ක වලට අදාළ දිස්ත්‍රික්ක මායිම් ගැන ලොකු අවබෝධයක් නෑ.
එකට විසඳුමක් හැටියට තමයි මම මේ topological map එක නිර්මාණය කළේ.
මේ මැප් එකේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ වෘත්තවල විශාලත්වය එම දිස්ත්‍රික්කයේ විශාලත්වයට සමානුපාතිකව නිර්මාණය කරලා තියෙනවා.
මෙහි එක් රේඛාවක් එක් දිස්ත්‍රික්ක මායිමක් නිරූපණය කරනවා.
ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.
එහි මායිම් 9 ක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ අඩුම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයටයි.
එහි මායිම් තියෙන්නේ 2 ක් පමණයි.

සටහන – විකුම් හර්ෂණ
Leave a Reply