1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි.
මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?
විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද?
ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනාගෙන් 6 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
විලියම් ගොපල්ලව
ජේ. ආර්. ජයවර්ධන
චන්ද්‍රිකා බණ්ඩාරනායක
මහින්ද රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ සහ
රනිල් වික්‍රමසිංහ
ලංකාවේ අගමැතිවරුන් 15 දෙනාගෙන් 10 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
ඩී. එස්. සේනානායක
ඩඩ්ලි සේනානායක
ශ්‍රීමත් ජෝන් කොතලාවල
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
සිරිමාවො රත්වත්තේ
ජේ. ආර්. ජයවර්ධන
රනිල් වික්‍රමසිංහ
චන්ද්‍රිකා බණ්ඩාරනායක
මහින්ද රාජපක්ෂ
දිනේෂ් ගුණවර්ධන
වැදගත්: මේකේ ඉන්නේ සෘජුව ශ්‍රී ලාකික දේශපාලනය හා සම්බන්ධ වුණු අය පමණයි.











සටහන – විකුම් හර්ෂණ
Leave a Reply