Loading...

බන්ධනාගාර බසය රහසිගතව වීඩියෝ කළ කාන්තාව රිමාන්ඩ්

උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් සිටි බන්ධනාගාර බස් රථයක් රහසිගතව ජංගම දුරකථනයෙන් වීඩියෝගත කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 4 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

හිනිදුම හල්විටිගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු මවක් මෙලෙස රිමාන්ඩ් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ඇය උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිට ජංගම දුරකථනය ආවරණය කරමින් බන්ධනාගාර බස් රථය රහසිගතව වීඩියෝගත කර ඇති බවයි.

පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම වීඩියෝගත කිරීම කිසියම් අපරාධයකට සම්බන්ධ අරමුණකින් සිදු කළේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකාරියගේ පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් යටතේ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *