මේ අපි ඉන්නෙ පසු අරගල සමයකින් පසු එලබෙන මුල්ම පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුල. ඉතින් ඒ නිසාම මෙවර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මැතිවරණ කාලසීමාව තුළ දැඩි අවදානයකින් පසුවන ආකාරයක් පේනවා. මැතිවරණය සිදුවන ආකාරය, ජනතාව නියෝජනය කරමින් ඡන්දයට ඉල්ලුම් කර ඇති අපේක්ෂකයො කවුද, ඔවුන්ගේ දේශපාලන සමාජ පසුබිම වැනි බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් සොයාබලන්න බොහෝ දෙනෙක් යොමුවෙලා තියනවා. ඒ නිසාම අපි එක් එක් දිස්ත්‍රික්කයට අදාලව 2024 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නෙ කවුද, ඔවුන්ගේ පසුබිම මොනවගේද කියල අපිට පුලුවන් විදියට ඔයාලට කියනවා. මේ අපේක්ශකයො ගැන ඔයාල දන්න දේවලුත් කමෙන්ට් කරන්න. ඒක පුරවැසියො විදියට අපි හැමෝටම වැදගත් වෙයි..
අද මුල් ම දිස්ත්‍රික්කය බදුල්ල.. කවුද බදුල්ලෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ.. අපි බලමු..
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ශකයන් 240ක් ඉදිරිපත්වන අතර ඒ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 180ක් සහ ස්වාධීනව 60ක් ලෙසයි.

2024 පාර්ලිමේන්තුව තුළ බදුල්ලට ආසන 9ක් හිමි වේ. එම ආසන 9 වෙනුවෙන් තරග වදින එක් එක් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වන අපේක්ශකයන්ගේ නම් පහතින් දැක්වේ.
ජාතික ජන බලවේගය
සමන්ත විද්‍යාරත්න
කිට්නන් සෙල්වරාජ්
සුදත් බලගල්ල
ඩබ්ලිව්. එම්. බී. උපේක්ෂා විජේතුංග
දිනිදු සමන් කුමාර
බණ්ඩාර විස්සුන්දර
ප්‍රියන්ත වරුෂමාන
රවීන්ද්‍ර අරුන බණ්ඩාර
සජිත් මිහිර බණ්ඩාර
අම්බිගා සැමුවෙල්
අජිත් කුමාර දිසානායක
ජිනදාස රත්නායක
සමගි ජන බලවේගය
චමින්ද විජේසිරි
නයන ප්‍රියංකර වාසලතිලක
ලක්ශ්මන් පින්තු ජයතිලක සෙනෙවිරත්න
ඇන්සලම් පෙරේරා
එස්. බී. ඩයස්
ඉන්දික කපිල කුමාර දිසානායක
නිමල් පියසිරි බංඩාර
එච්. එම්. උපාලි සේනාරත්න
බනිදරන් බාලචන්ද්‍රන්
එම්. එස්. එම්. රිෆායි
රසික දේශප්‍රිය රත්නායක
බී. කන්දසාමි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
නිමල් සිරිපාල ද සිල්වා
හරීන් ප්‍රනාන්දු
චාමර සම්පත් දසනායක
රවීන්ද්‍ර ලාල් ගුණවර්ධන
එම්. පී. ලීලසේන
වයි. එම්. කරුණා වීරරත්න
ඉන්දික සම්පත්
නඩරාජා රගුපති
එම්. එස්. එස්. මොහොමඩ්
මෝහනරාජ් දිනේෂ්
ජනක පුෂ්පකුමාර
පද්මිනී ප්‍රියංකා හේරත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අමිත් තේනුක විදානගමගේ
අජිත් දේශප්‍රිය වික්‍රමරත්න
අබේරත්න සේනක බංඩාර
දිලාන් ජයතිලක
ඉරේෂා උදේනි හෙට්ටිහේවා
ආර්. ඒ. නුවන් ධනුෂ්ක
ශාන්ත බංඩාර
චමින්ද රනසුර
අමල් රුවන්සිරි බංඩාර
මානෙල් රාජපක්ෂ
අන්වර් අනාස්
ඊ. ඒ. ලයනල් පියතිලක
සර්වජන බලය
ලෝගනාදන් කෝබ්
අයේශ් දුශ්ෂන්ත රත්නායක
නිමල් ප්‍රේමරත්න
ප්‍රියංජන ද සොයිසා
සමන්ත වර්ණසූරිය
කනපති ආනන්ද රාජා
ප්‍රියංගිකා හේරත්
ජයලත් ජයසිංහ
ඉංදික සේනාරත්න
ශාන්ත කුමාර
ජේ. අජිත්
මීළගට අපි බලමු මේ වෙනතෙක් පාර්ලිමේන්තුව තුළ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ Profile පහතින් දැක්වේ. ඇතැමෙක් නැවතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වේ.










මෙම Profile කිරීම සදහා බොහෝ දත්ත ලබාගැනීම සදහා https://manthri.lk/ වෙබ් අඩවිය පරිශීලනය කරන ලදී. එහිද ඇතැම් තොරතුරු යාවත්කාලීන වී නොමැති අතර ම ශ්‍රී ලංකාව තුළ මෙවැනි තොරතුරු ඇතුලත් දත්ත පද්ධතියක් පොදු අවකාශයේ නොමැති වීමද විශාල අඩුපාඩුවක් බව සදහන් කළ යුතුය.
වැඩිදුර තොරතුරු දැන ගැනීමට මේ පොඩ්කාස්ට් එක බලන්න.
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි
Leave a Reply