ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වෙනිදා සිට 2024 සැප්තැම්බර් 24 වෙනිදා දක්වා පැවතුණා.
මෙම කාලසීමාව තුළ මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇති වුණා.
ඉන් අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත් වුණා.
ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා.
ආකාර 5 කින් මෙම පුරප්පාඩු වර්ග කරන්න පුළුවන්.
ඒ ආකාර 5 මොනවද?
එහිදී මන්ත්‍රී ධූරය අහිමි වුණේ කාටද?
ඒ වෙනුවෙන් අලුතින් තේරී පත් වුණේ කවුද?
කියන ප්‍රශ්නවලට උත්තර පහළින් බලාගන්න පුළුවන්.
(1) ඉල්ලා අස්වීම
———————
01) ජයන්ත කැටගොඩ —–> බැසිල් රාජපක්ෂ
02) අජිත් නිවාඩ් කබ්රාල් —–> ජයන්ත කැටගොඩ
03) මහින්ද සමරසිංහ —–> ලලිත් වර්ණකුමාර
04) බැසිල් රාජපක්ෂ —–> ධම්මික පෙරේරා
05) මුජිබර් රහුමාන් —–> ඒ. එච්. එම්. ෆවුසි
06) චමින්ද විජේසිරි —–> නයන වාසලතිලක
07) උද්දික ප්‍රේමරත්න —–> එස්. සී. මුතුකුමාරණ
08) තලතා අතුකෝරල —–> කරුණාරත්න පරණවිතාන

(2) මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම
—————————————————-
09) රංජන් රාමනායක —–> අජිත් මාන්නප්පෙරුම
10) ඩයනා ගමගේ —–> මුජිබර් රහුමාන්
(3) පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම
————————————————
11) නසීර් අහමඩ් —–> අලි සහිර් මවුලානා
12) මනූෂ නානායක්කාර —–> බන්දුල ලාල් බණ්ඩාරිගොඩ
13) හරීන් ප්‍රනාන්දු —–>

(4) මියයෑම
—————
14) අමරකීර්ති අතුකෝරල —–> ජගත් සමරවික්‍රම
15) සනත් නිශාන්ත —–> ජගත් ප්‍රියංකර
16) එච්. නන්දසේන —–> එම්. ජී. වීරසේන
17) ආර්. සම්බන්ධන් —–> කදිරවේලු කුගදාසන්
(5) ජනාධිපති ධුරයට පත්වීම
————————————
18) රනිල් වික්‍රමසිංහ —–> වජිර අබේවර්ධන
19) අනුර කුමාර දිසානායක —–> ලක්ෂ්මන් නිපුණාරච්චි

සටහන – විකුම් හර්ෂණ
Leave a Reply