ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ අද (25) අලුයම දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගොස් තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම 05.20ට ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එන ලදී. ගුවන්තොටුපොළේදීම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා CCIB වෙත භාරදී ඇත.
‘බස් ලලිත්’ට එරෙහි ප්‍රධාන චෝදනා සහ වරෙන්තු:
ජාත්‍යන්තර රතු නිවේදන: මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබාගත් රතු නිවේදනයක් ක්‍රියාත්මක කර තිබුණි.
කොළඹ මහාධිකරණ වරෙන්තු: මිනී මැරීමේ චෝදනාවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවක් පවතී.
2021 වෙඩි තැබීමේ සිද්ධිය: 2021.09.20 දින නෙලුන්තුඩුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
2022 පහරදීමේ සිද්ධිය: 2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකුට කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියටද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.






Leave a Reply