Loading...

,

එක් දිනක්වත් පාර්ලිමේන්තු නොආපු මන්ත්‍රීවරු 83ක් – verité research

2024 ජනවාරි මාසය තුළ මන්ත්‍රීවරුන් 83 දෙනෙකු එකම දිනක් හෝ පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සහභාගි වී නොමැති බව වෙරිටේ රිසර්ච් කියයි.

පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය සම්බන්ධයෙන් අවධියෙන් සිටින වෙරිටේ රිසර්ච් ඒ සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරිපත් කිරීම සිදු කරයි.

පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට වැඩියෙන්ම සහභාගි වී දායකත්වය ලබා දී ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ බුද්ධික පතිරණ මහතාය.දෙවැනි ස්ථානය රජය නියෝජනය කරන ප්‍රේමනාත් සී.දොලවත්ත මහතාට හිමිවී ඇති අතර,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුන්වැනියා බවට පත්ව ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සිව්වන සහ පස්වන ස්ථානයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

පාර්ලිමේන්තුවේ නැගී එන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද වෙරිටේ රිසර්ච් තම අවධානය යොමු කර ඇත.ඒ අනුව කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ සබා රැස්වීම් වලට සහභාගි වීමේ නැගී එන කාණ්ඩයේ පළමු තැන හිමිකර ගෙන ඇත.චරිත හේරත්,අනුරාධ ජයරත්න,ලලිත් කුමාර,එම්.උදය කුමාර්, ගුණතිලක රාජපක්ෂ,අජිත් රාජපක්ෂ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මන්ත්‍රීවරුන් පිළිවෙලින් ඊළග ස්ථානයන්ට පත්ව ඇත.

ජනවාරි මාසය තුළ එකම දිනක් හෝ පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගි නොවූ මන්ත්‍රීවරුන් අතර,හදිසි අනතුරකින් මිය ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ නමද ඇතුළත්ව ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *