ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනුකිරීම සඳහා අද (03) දිනයේ අවස්ථාව ලබා දී තිබෙනවා.
අද පස්වරු 3.00 ට පෙර එම ලිඛිත දේශන ගොනුකිරීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත.
අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ (02) දිනයේදී අවසන් කෙරුණු අතර, එහිදී විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයන්ට දැනුම් දුන්නේ යම් ලිඛිත දේශනයක් ඇත්නම් අද දිනය තුළ ඒවා ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල වැඩිදුරටත් සඳහන් කළේ.






Leave a Reply