Loading...

22 වන ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගය අවසන් – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) දැනුම් දුන්නා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේ අදාළ පෙත්සම්වලට එරෙහිව සහ පක්ෂව ගොනුකර තිබූ කරුණු දැක්වීම් මෙන්ම නීතිපතිවරයාගේ දේශනයන් ද සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර අදාළ පෙත්සම්වලට අදාළව ඉදිරිපත් කිරීමට යම් ලිඛිත දේශනයක් ඇත්නම්, ඒවා හෙට (03) පස්වරු 3.00ට පෙර ගොනුකර අවසන් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සියලු පාර්ශ්වයන්ට නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *