2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා.
ඒ සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිට තිබෙනවා.






Leave a Reply