Loading...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු දිවියෙන් සමුගනී

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඔහු මෙලෙස මියගොස් සිටියදී සොයාගත් බවයි.

මියයන විට ඒ මහතා 57 වන වියෙහි පසුවුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැද 2014 වසරේදී ප්‍රථම වරට හම්බන්තොට නගරාධිපති ධුරයට පත්වූ ඔහු, පසුව 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරටත් එම ධුරයට තේරී පත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *