Loading...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ මියයයි

ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා මහජනයාගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) දින මියගොස් ඇති බවයි.

මියයන විට ෆ්‍රෑන්ක් කැප්රියෝ 88 හැවිරිදි වියේ පසු වුණා.

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු සිය නඩු ඇසීමේ ක්‍රියාවලිය තුළදී ආදරය, කරුණාව වැනි ගුණාංග ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් ලොව පුරා ජනතාවගේ කතාබහට ලක් වුණා.

නඩු තීන්දුවක් ලබාදීමේ දී මානව හිතවාදී මෙන්ම ඔහුටම ආවේනිකව වූ යුක්තිය පසදලීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම පිළිබඳව ද ෆ්‍රෑන්ක් කැප්රියෝ විනිසුරුවරයා ප්‍රසිද්ධියක් උසුලුනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිය නඩු තීන්දු විකාශය කිරීමට ද කටයුතු කළ ඔහු තමාගේම යුටියුබ් නාළිකාවක් මඟින් ඒවා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *