Loading...

,

ආසියාවේ සහ යුරෝපය අන්තර්ජාල සම්බන්ධාතවයට බාධා ඇති වෙයිද?

ආසියාව සහ යුරෝපය අතර සිදුවන දත්ත ගමනා ගමනයෙන් 25%කට බලපාන ගැඹුරු රතු මුහුදේ ඇති සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පසුගියදා ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපදයේ අදාළ නිලධාරියෙක් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් හොංකොං පදනම් කරගත් HGC Global Communications ආයතනය ප්‍රකාශ කළේ කේබල් 15න් 4ක් කපා හැරීමට ලක්ව ඇති බවයි.

මෙම තත්ත්වය ඇති වීමට හේතුව තවමත් පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අදාළ රැහැන් හිතාමතාම කපා දැමුවද නැතිනම් නෞකාවක් නැංගුරමක් මඟින් ඇද ගැනීමට ලක්ව ඇති ද යන්න පිළිබඳව මේ වන විට සොයා බලමින් ඇති බව සඳහන්.

Seacom, TGN, AAE-1 සහ EIG යන කේබල් මෙලෙස බලපෑමට ලක්ව තිබෙනවා.

කෙසේ නමුත් එය මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් ඇති කරනු ඇති බවයි හොංකොං හි ටෙලිකොම් සමාගම් පෙන්වා දෙන්නේ.

පසුගිය වසර වලදී ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇමේසන් සහ ෆේස්බුක් මෙටා වැනි අන්තර්ජාල දැවැන්තයින් විසින් මේ සඳහා අරමුදල් සපයනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *