එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹීමට නියමිත බවට වාර්තා වනවා.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
මෙහිදී ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද, සන්ධාන ගත වනවාද නැතිනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති.
කෙසේ වෙතත් පක්ෂය තුළ පෞද්ගලික මත තිබිය හැකි වුවත් ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් නම් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.








Leave a Reply