Loading...

නාලිකා 3කට ධවල මන්දිරයෙන් තහනමක්

ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන නාලිකාවලට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

තම පාලන සමය පිළිබඳව අදාළ මාධ්‍ය ආයතන අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මෙම තීරණය නිවේදනය කර ඇත.

කෙසේවෙතත්, එම චෝදනාවලට අදාළව කිසිදු නිශ්චිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බව සඳහන්.

මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම අදාළ මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වළක්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් වාර්තා වී නොමැති අතර, මෙම පියවර අමෙරිකානු මාධ්‍ය සංවිධාන සහ නීති විශාරදයන්ගේ දැඩි විවේචනයට ලක්වීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

තවද ඉදිරියේදී ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද වැඩි ඉඩකඩක් පවතින බව කියැවෙනවා.

මේ අතර, ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණය දැඩි ලෙස හෙළා දකිමින් CNN නාලිකාව නිවේදනය කළේ මෙය අමෙරිකානු මාධ්‍ය නිදහසට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරයක් බවයි.

තමන් සැමවිටම ධවල මන්දිර මාධ්‍ය කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔවුන්ගේ සාධාරණ සහ නිවැරදි වාර්තාකරණය සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම නාලිකාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *