Loading...

රුපියල ශක්තිමත් වූ නිසා ලංකාවේ ණය වලට වූ දේ

ශ්‍රී ලංකාවේ රුපියල 2024 වසරේ ජනවාරි සිට මේ මස දක්වා 7%කින් පමණ ශක්තිමත්ව තිබෙනවා.

මේ හේතුවෙන් මෙරටට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 0.25කින් නැත්නම් කෝටි 25000කින් පමණ අඩු වන බව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ අප්‍රේල් මස අවසානය දක්වා මෙරටට ගෙවීමට ඇති සමස්ථ ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් ට්‍රිලියන 8ක් පමණ වන අතර ඉන් 45%ක් සෘජු විදේශ ණය බවයි. එය ප්‍රමාණයක් ලෙස රුපියල් ට්‍රිලියන 3.65කි.

ඉන් දළ වශයෙන් 7%ක් අඩු වූ පසු ගෙවීමට ඇති විදේශ ණයවල වටිනාකම ට්‍රිලියන 3.40ක් දක්වා පහළ බසිනු ලබන අතර ඉදිරියේ දී රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් මෙම මුදල තවත් අඩුවන බවද මහාචාර්යවරයා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *