2027 වසරේ දී 2018 වසරේ මෙරට තිබූ ආර්ථික තත්ත්වය යළි උදා කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා “සවිමත් අනාගතයට පෙරවදනක් – 2024” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින්.
2024 වසරේ දී 2% ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
මෙහිදී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
මෙම උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, “අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇති. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.”
Leave a Reply