වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
කිසිඳු අයුරකින් පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයින් බිහිවිය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.
“ඉතින් කලබලවීම පුදුමයක් නොවේ. සැබවින්ම අප අද මේ ඉටුකරනු ලබන්නේ තරුණයාට හිමිතැන සහ ඇයට හෝ ඔහුට අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද ? කවර වගකීම් දැරිය යුතුද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකළ යුතුයි. කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්යක කොටස්කරුවන් ලෙස නොවේ.
අද අපි ජනාධිපතිධුර හොබනවා. අමාත්‍ය ධුර හොබවනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි පුටුවේ වාඩිවෙද්දිම අපට අදහසක් තියෙනවා ඒකෙන් බැහැලා යන දිනයක් ගැන හිතේ තියාගෙන තමා පුටුවේ වාඩිවෙන්නේ. අපි පුටුවේ චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපිට නෑ. අපි ඉතාම පැහැදිලි සද් වුවමනාවක් තියෙනවා. මේ රට ඉතාම විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතින් දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තියෙනවා. ඒ බලය නුදුරු කාලයේදී ඔබට භාරදීමේ අපේක්ෂාවෙන් තමා අපි මේ පුටුවේ අසුන්ගෙන තියෙන්නේ. අපි කිසිසේත්ම මේ පුටුවේ මල්ටිබෝන්ඩ් වගේ ඇලවිලා ඉන්නේ නෑ. අපි සුදානම් කළ යුත්තේ රට භාරගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘදසාක්ෂිය තියෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි.”








Leave a Reply