ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා හෙට (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළු වීම සඳහා අවසර ලබාදී තිබෙනවා.
මෙලෙස වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයන්ය තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමිව ඇත්තේ පළමු වතාවටයි.
තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බවද සඳහන් වනවා.
මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර ඊට එරට ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීම ද අනිවාර්යය විය යුතුයි.
තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Leave a Reply