Loading...

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් – රැඳවියන් 4කට තුවාල, ගොඩනැගිලි දෙකකට ගිනි

මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගත් බවයි.

එම සිද්ධියෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඇති බවත් වාර්තා වනවා.

ඊට අමතරව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද යොදවා තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ, නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශ ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව ද වාර්තා වනවා.

මේ අතර, අද පස්වරුවේ රැඳවියන් බැලීම සඳහා මහර බන්ධනාගාරයට පැමිණි ඥාතීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර ලබාදී නොමැති අතර, ඔවුන් මේ වන විටත් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටිනවා.

එහි සිටින ඥාතීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ. තුවාල


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *