Loading...

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියෙක් මියයයි

මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවත්, බන්ධනාගාරය අවට රැඳී සිටින ජනතාව ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රැඳවියන් බැලීම සඳහා පැමිණ සිටි ඥාතීන් පිරිසක් තවදුරටත් බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසුණු බවට තොරතුරු වාර්තා වීමත් සමඟ බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ සමඟ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිස් මුර බාධක ඉදිරියට පැමිණීමට උත්සාහ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර කිහිපයක් ද එල්ල වී ඇති බව සඳහන්.

සිද්ධිය හේතුවෙන් ජල ප්‍රහාරක රථ ද මහර බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදේශයට කැඳවා ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *