Loading...

ඉදිරි පැය 48 තීරණාත්මකයි – කැළණි ගඟ අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය අද (01) පෙරවරු 7.30ට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය ලබන 3 වනදා පෙරවරු 7.00 දක්වා වලංගු වනු ඇති.

දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙම සුළු ගංවතුර තත්ත්වය බලපෑ හැකි බව එම නිවේදනයේ සඳහන්.

තවද, ඉදිරියේදී අධික තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් කැළණි ගඟේ ජල මට්ටම කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන්, කැළණි ගඟ භාවිත කරන පුද්ගලයින් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *