Loading...

මීගමුව මුහුදේ අනතුරක් – අතුරුදන් ධීවරයින් සොයා මෙහෙයුම් තවදුරටත්

මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ ධීවරයින් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් සහ විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක්ව ඇති බවට වෙනත් ධීවර යාත්‍රාවක් ලබාදුන් තොරතුරක් මත මෙම සිද්ධිය මුලින්ම අනාවරණය වී තිබෙනවා.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබූ තවත් ධීවර යාත්‍රා තුනක් ද අතුරුදන්ව ඇති බව හෙළි වී තිබෙනවා.

මේ වන විට අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුර මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, එම යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව සඳහන්.

අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රා සොයා ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *