ඉන්දියාවේ 79 වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරන ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩිව අවධානය යොමුව තිබෙනවා.
හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සකස් කරනු ලැබූ මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබූ දැන්වීම් අතිරේකය ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම සම්බන්ධව විශේෂයෙන්ම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා.
දැන්වීම් අතිරේකයට යොදා ගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව මෙම සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙන්වා දී තිබෙනවා.
තවද හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළ කෙරුණු දැන්වීම් අතිරේක සම්බන්ධව එජාපයේ බලවත් අප්‍රසාදය මේ වන විටත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පළ කර ඇති බවද වාර්තා වනවා.








Leave a Reply