Loading...

UNP එකටයි SJB එකටයි දිනන්න බැහැ ඒ නිසා අපි අලුත් වැඩක් හදනවා – පාඨලී චම්පික රණවක

සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන් පුළුල් දේශපාලන එකමුතුවක් ඉදිරි කාලයේ දී බිහිකරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කළේ දශක 3කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයේ පිරිස් විපක්ෂයේ කටයුතු කළද ඔවුන් ජයග්‍රහණය කර යන බවක් පෙනෙන්නට නොමැති බවයි.

”අවුරුදු 30කට වැඩිකාලයක් එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක්‍රියාවලියකට ගමන් කරන බවක් පේන්න නැහැ. අද වෙනකොට ආණ්ඩුව පොදුවේ එක ගුලියක් හැටියට හිටියට විපක්ෂය කොටස් ගණනාවකට බෙදී ඉන්නේ. අපි විශ්වාස කරන්නේ නැහැ මේකට්ටිය ඔක්කොම එකතුවෙලා කටයුතු කරන්න පුළුවන් කියල. උතුරේ, නැගෙනහිර, දකුණේත් සම්ප්‍රදායික පක්ෂ බිඳවැටිලා තිබෙනවා. ඒ ජන්ද දායකය ආකර්ෂණය කරන්න පුළුවන් නව ජාතික එකමුතුවක් අපි පළමු වරට දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඒ වගේම කිසියම් ආකරයකට දේශපාලන පක්ෂ සන්ධාන ක්‍රියාවලියක් ඉදිරි කාලයේදී හදුන්වා දෙනවා. මේ රටට අලුත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම අලුත් තරුණ පිරිස්, අලුත් මට්ටම්වල සමාජ ක්‍රියාකාරිකයින්ගේ ගමනක් අවශ්‍යයි. සංවර්ධනයයි දුෂණය නැති රටකුයි දෙකම එකට ගේන පුළුල් දේශපාලන එකමුතුවක් අපි ඉදිරි කාලයේදී බිහිකරනවා.”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *