ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනයක පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු පවසන්නේ තමාට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් මෙම තොරතුරු වාර්තා වූ බවයි.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බවද ඒ මහතා කියා සිටිනවා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව බවත් ඉන් ජනාධිපති ධුරයේ බලය හීන වීම අවම බවත්ය.
නමුත් මහ මැතිවරණය පළමුව පවත්වා තමන්ට වන හානිය අවම කර ගැනීම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉලක්කය වී ඇති බවද ඔහු සඳහන් කරනවා.
මේ හේතුන් මත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනකදී පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් එකම දිනක මැතිවරණ දෙකක් පැවැත්වීම ආණ්ඩුවට ඉතා වාසිසහගත බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Leave a Reply