දුම්රිය ධාවනය අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (10) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගනු ලැබුවා.
උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පසුගිය 06 වනදා සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරුණේ ඊයේ (10) පැවැති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුවයි.
මේ අනුව අද (11) උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා කියා සිටියා.
Leave a Reply