ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (24) විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින්.
“මේ ප්‍රජාත්‍රන්තවාදී සමාජයක තියෙන වටිනාකම තේරුම්ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඊට අභියෝගයක් වනවා නම්, අපිට පෙනී යනවා නම් ඒ සඳහා යම් ප්‍රශ්නාර්ථයක් මතුවීමෙන් පවතින බව මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය අගය කරන සෑම කෙනෙකුගේම වටිනාකමක් සහ යුතුකමක් තියෙනවා මේ සියලු දේශපාලන පක්ෂ බේද අමතක කරලා පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කිරීම.
ඒක නිසා අපි ආරාධනා කරනවා මේ වාඩිවෙලා සිටින සමූහය සියලු දෙනාම ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රධානන්තරවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණෙමින් තිබෙන බව.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් වියැකෙමින් තිබෙනවා.
දේශපාලන පක්ෂ පාට අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා මේ මොහොතේ අප එකතු විය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුව තිබෙනවා.
ඒ නිසා අපිට අපේ දේශපාලන ප්‍රතිපත්තියෙන් තුළ අපි දුක් විඳලා තියෙනවා, හිරේ ගිහිල්ලා තියෙනවා, නොයෙකුත් කරදරවලට අපි ලක් වෙලා තිබෙනවා.
ඒ නිසා සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රිමාන්ඩ් භාරයට ගත්තයි කියන එක දේශපාලඥයෙක් විදිහට, දේශපාලඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියේ නැත්නම් ඒකේ මේ ප්‍රධාන වශයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ දේශපාලන චරිතය.
ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් උඩ කෙසේ වෙතත්, මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඉතාමත් කණගාටුදායකයි.
ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂත්, නීතිඥවරුන්, මේ පැමිණ සිටින දේශපාලන පක්ෂ නායකයින් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන බව විශේෂයෙන්ම සඳහන් කරනවා.”







Leave a Reply