අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
මීට මාස කිහිපයකට පෙර නාරන්හේන්පිට ප්‍රදේශයේ දී ඒ මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
අදාළ විමර්ශන සම්බන්ධව පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තු නිකුත් කළා.








Leave a Reply