Loading...

,

ඉරානයේ සමඟ යුද ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙක් මරුට

ප්‍රහාර හමුවේ ලංකාවේ ඉරාන සුමිතුරාගේ ජීවිතයද අහිමි වෙයි

2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඊසාන දිග ටෙහෙරානයේ නර්නැක් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිල නිවසට ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අහමදිනෙජාඩ් ජනාධිපති ධූරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාම පසුව අහමදිනෙජාඩ් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් උපාය මාර්ගික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබුවා.


මැදපෙරදිග අර්බුදය සමඟ බොරතෙල් මිල ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීම සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ වන විට එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇති බව සඳහන්.

පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් බොරතෙල් බැරලයක මිල තව දින කිහිපයකින් අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වනවා.


ඉරානය සමඟ යුද ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙක් මරුට

ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ හමුදා මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු අමෙරිකානු පාර්ශවයෙන් වාර්තා වූ පළමු මරණ කිහිපය මෙය බවයි.

මෙම මෙහෙයුම්වලදී තවත් සෙබළුන් පස් දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවද අමෙරිකානු හමුදා වාර්තා පෙන්වා දෙනවා.

මෙහෙයුම්වලදී මියගිය සෙබළුන්ගේ අනන්‍යතාවය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

අමෙරිකානු හමුදා සම්ප්‍රදායට අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කර පැය 24ක් ගතවන තෙක් නම් හෙළිදරව් නොකරන බවද වාර්තා වනවා.

ඉරානයට එරෙහි මෙම මෙහෙයුම ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ “අමෙරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකි බවත්, යුද්ධයකදී එවැනි ජීවිත හානි සාමාන්‍ය දෙයක්” ලෙසයි.


අභිනව උත්තරීතර නායකගේ පත් වීම ඉදිරි දිනකදී

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසුව පුරප්පාඩු වූ එම ධූරය නව නායකයෙකු ඉදිරි දිනවලදී තෝරා පත් කර ගනු ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අල් ජසීරා පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදියි.

නව නායකයෙකු නිල වශයෙන් තෝරා ගන්නා තුරු පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික නායකත්ව මණ්ඩලයක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *