ඇමති නිල නිවාසවල නීති විරෝධිව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව තොරතුරු වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අමාත්‍යවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් කටයුතු කරන අංශය මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇති බවයි.
මෙම මන්ත්‍රීවරුන් තිදෙනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකුද සිටින බවද වාර්තා වනවා.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන්, ඥාතීන් සහ ආරක්ෂකයින්ට ද රඳවාගෙන සිටින බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධවද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් විශේෂ විමර්ශනයක් අරඹා තිබෙනවා.
Leave a Reply