අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 21.9% විදුලි ගාස්තු අඩු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් වෙනුවෙන් අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8 දක්වා අඩු කෙරෙනු ඇති.
කොමිසම කියා සිටින්නේ එය 33.3% අඩුවීමක් බවයි.
ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තු 28%කින් පහළ දැමීමට නියමිතව තිබෙනවා.
තවද ඒකක 61ත් 90ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 30%කින් පහළ දමන අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 24%කින් පහළ දැමීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා 18%කින් විදුලි බිල පහළ දමා තිබෙනවා.
ඊට අමතරව ආගමික ස්ථානවලට 33%ක අඩු කිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල 18%කින් විදුලි බිල අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.
පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල 23%කින්ද, රාජ්‍ය අංශය සඳහා 22%කින්ද විදුලි බිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.
මේ අතර විදී ලාම්පු සඳහා විදුලි බිල 20%කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

Leave a Reply