Loading...

ලංගම බස් රථ අලුත් වැඩියාවෙනුත් පාඩුවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත්වැඩියා කිරීම සඳහා 2022 වසරේ දී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර තිබුණත් අලුත්වැඩියා කර ධාවනයට එක්කර ඇත්තේ බස් රථ 180ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වර්තාවක සඳහන් වනවා.

එම වාර්තාවට අනුව ප්‍රාදේශීය වැඩපොළ සහ ඩිපෝවලින් බස් රථ 300 අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය විසිනි.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අම්පාර පෙරසවි ටයර් කර්මාන්ත ශාලාවෙන් පෙරසවි ටයර් නිෂ්පාදන කිරීමේදී රුපියල් කෝටි 3කට වැඩි මුදලක් වැය කර ඇති බවද ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ සඳහා මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 11කට වැඩි ප්‍රතිපාදන වෙන්කර තිබුණත් ඉන් කෝටි 10කට වැඩි මුදලක් වැය කර ටයර් 8997ක් පමණක් නිෂ්පාදනය කර තිබූ බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මණ්ඩලය සඳහා බස් රථ එන්ජින් කට්ටල 840ක් වාර්ෂිකව අලුත්වැඩියා කර ධාවනයටයෙදවීමට සැලසුම් කර ඒ සඳහා භාණ්ඩාගාරය සහ මණ්ඩලය 2022 වර්ෂයේ දී රුපියල් කෝටි 66ක් වෙන්කර තිබුණද අලුත් වැඩියා කර ඇත්තේ බස් රථ 254කි.

මෙම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ වැය කර තිබූ මුදල රුපියල් කෝටි අටක් පමණ වන අතර අපේක්ෂිත නිමවූම් ඉලක්කය 70%කින් පහළ යෑම හේතුවෙන් ඉලක්කගත පරිදි බස්රථ ධාවනයට එකතු කරගැනීමට නොහැකිවී තිබූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *