Loading...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතා ගැන වලාන දූෂණ මර්දන ඒකකය පරීක්ෂණයක් අරඹයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සොයාබැලීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් සිටින බව වාර්තා වනවා.

එම දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව පුළුල් හා විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා මෙම විශේෂ පියවර ගෙන තිබෙනවා.

මෙම දත්ත ලබාගැනීමේ සහ තාක්ෂණික විමර්ශන මෙහෙයුම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා (GovTech Sri Lanka) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් ද එක්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *