Loading...

රඛිත ඇතුළු පිරිසට ඇප දීමට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම පෙබරවාරි 09දා විභාගයට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මඟින් ගොනු කරන ලද මෙම ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුකර සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒවා එළඹෙන නොවැම්බර් මස 14 වනදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

එමෙන්ම එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා පවතින්නේ නම් ඒවා ජනවාරි මස 28 වනදාට පෙර ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළ විනිසුරුවරයා, ඒ අනුව පෙත්සම් විභාගය ලබන පෙබරවාරි මස 09 වනදා සිදු කිරීමට දින නියම කළේය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *