Loading...

‘අස්වැසුම’ ලක්ෂ 14කට කැපූ කතාව අසත්‍යයි

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14ක් ඉවත් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් සිදුකළ සමාලෝචනයෙන් අනතුරුව යාවත්කාලීන කරන ලද නාමලේඛනය මේ වන විට එළිදක්වා ඇති බවයි.

එම යාවත්කාලීන නාමලේඛනයට අනුව ප්‍රතිලාභීන්ට අස්වැසුම දීමනා ගෙවීමේ කටයුතු ලබන දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත් අතරින් 1,391,830ක් ප්‍රතිලාභ ලබාගැනීමට සුදුසුකම් ලබා නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

එලෙස සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට මෙන්ම තමන්ට දැනට හිමිවී ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳව සෑහීමකට පත් නොවන සුදුසුකම්ලාභීන්ට ද අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ පනතේ 11 වන වගන්තියට අනුව මෙම අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා ඔක්තෝබර් 29 වනදා සිට නොවැම්බර් මස 11 වනදා දක්වා කාලය ලබාදී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *