Loading...

කොබෙයිගනේ පොලීසියේ සැරයන්වරු දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු නිකවැරටිය රෝහලේදී මියයාමේ සිද්ධියට අදාළව කොබෙයිගනේ පොලිස් ස්ථානයේ සේවයේ නිරත සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (30) කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රාජකාරි පැහැර හැරීම මුල් කරගනිමින් අදාළ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි.

කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සිදු වූ සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසිය වෙත භාරදීමෙන් පසු, සැකකරු පොලිස් භාරයේ සිටියදී රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඉකුත් 27 වනදා මියගොස් තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *