ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණය කර තිබෙනවා.
එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ සමස්ත රාජ්ය විශ්වවිද්යාල පද්ධතියම ආවරණය වන පරිදි මෙම වර්ජනය ක්රියාත්මක කරන බවයි.
රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ දැඩි හිඟය, පවතින කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර සහ ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ගෙන ඇත.
මෙරට රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය මුහුණ දී සිටින අභියෝග පිළිබඳ මහජන අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම ක්රියාමාර්ග ගන්නා බව ද චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අද දින ක්රියාත්මක වැඩවර්ජනයට සමගාමීව හෙට (31) දිනයේදී විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් විශේෂ පා ගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.







Leave a Reply