Loading...

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක් – HRW

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මඟින් අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම්, වදහිංසා පැමිණවීම් සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මඟපෑදීමේ බරපතළ අවදානමක් පවතින බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව හෝ අපරාධ ක්‍රියාවක් සිදුකළ බවට නිසි සාක්ෂි නොමැතිව පුද්ගලයින් දිගු කාලයක් රඳවා තබාගැනීමට ඉඩ සැලසෙනු ඇති බවයි.

පොලීසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණ මත පදනම්ව දඬුවම් නියම කිරීමට ඉඩදීම තුළින් වදහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත්, මීට පෙර ක්‍රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මඟින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *