Loading...

වාහන ගෙන්වන සැලැස්ම IMF වෙත ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධ වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිත බවයි.

2024 වසරේ තෙවන කාර්තුවේ දී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ලිහිල් කිරීමටත්, මෙම වසරේ සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳව වන රජයේ යෝජනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙලෙස යොමු කර තිබෙනවා.

වාහන ආනයනය පිළිබඳ මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම සහ මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *