Loading...

ඩොලර් අගය තවත් පහළට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300න් පහළ මට්ටමට පැමිණ ඇති තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 සහ විකුණුම් මිල රු. 299.35ක් ලෙස සටහන්ව ඇති බවයි.

ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණියේ 2023 ජුනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *