Loading...

සාමාන්‍ය පෙළ විභාගයේ තවත් ප්‍රශ්ණ පත්‍රයක ගැටළුවක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්ණ පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් ඇති බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විභාගය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශයන් නිකුත් කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය 11 වන සහ 12 වන ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්ණ පත්‍ර සකස් කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැකැස්මක් චක්‍රලේඛ ඔස්සේ මීට පෙර නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ගුරුවරුන් චෝදනා කරන්නේ චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී බහුහරණ ප්‍රශ්ණ තුනක් සහ රචනා ප්‍රශ්ණ තුනක් මෙලෙස ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්ණ පත්‍රයට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ශාලා සුපරික්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ විභාගයේ මේ දක්වා පැවැති විෂයන් සම්බන්ධව මේ වන විට උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අතිරේක සුපරීක්ෂණ නිලධාරීන් විභාග රාජකාරියේ යෙදවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ වන විට කටයුතු කර ඇති බවත් විභාග සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ අයිතිය විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *