මෙවර කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් ඊයේ (01) දින සංවිධානය කර තිබුණා.
ප්‍රධාන පෙලේ පක්ෂවල නායකයන් මැයි රැලිවලදී සිදු කළ ප්‍රකාශකයන් පහතින්,
එක්සත් ජාතික පක්ෂය
ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් තිබෙන රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (01) එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින්.
”මම රහසක් කියන්නම්, දැනගන්න කැමතිද? ඩී.එස් සේනානායක අගමැති තුමා හොඳම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. සැප්තැම්බර් 09 වැනිදා. උදේ ගත්තේ නෑ හැන්දෑවේ රැස්වීම ගත්තේ. ඒ වගේම හොඳ වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. අනිත් එක හොදට මතක තියා ගන්න. ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුනේ. මම අද එනකොට ප්‍රීතිමත් වුණා. මම එනකොට දැක්කා මරදාන හන්දියේ කටවුට් දාලා තියෙනවා. ජේවීපී තිබුනා, සමඟි ජන බලවේගයේ තිබුණා. මේ තියෙන්නේ ප්‍රජාතන්තවාදය”.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මෙවර මැයි රැළිය තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට එක්වෙමින්.
මෙම රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණා.
මෙම රැළිය “රොඳ බඳිමු අපි එක සිතින් – එක්සත්ව හදවතින්” යන තේමාවෙන් පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ හිටපු අග්‍රාමත්‍යවරයා, “ඔබව හැමදාම වීදි සටන්වල ඉත්තෝ විදියට තියාගන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මැයි රැලිය තීරණාත්මකයි. මීළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොහෙටද ?… කියන තීන්දුව අද පටන් අපි රටට පෙන්වන්න ඕනේ.
ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කරපු… මේ රටේ අනාගතය නැති කරපු අයගේ ඔඩොක්කුවට වැටෙන්න නම් යන්න එපා. එළඹෙන ජනාධිපතිවරණය ජය ගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි.
සමහරු බලයි මෙතරම් විශ්වාසයෙන් ඇයි මේ දේ කියන්නේ කියලා. වෙලාව ආපුවාම තීරණය රටට දැනුම්දෙන්නම්.”
සමඟි ජන බලවේගය
සමඟි ජන බලවේගය අවංක නම් ඔවුන් සමඟ එකතු වන මෙන් සමඟි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් එම පක්ෂයේ මැයි රැළියට එක්වෙමින්.
සමගි රටක්, අනගි හෙටක් යන තේමාවෙන් පැවැති මෙම රැළිය කොළඹ චැතැම් විදියේ දී පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අංක 1. ඔබ අප අවංක යැයි සිතනවා නම් අපි සමග එකතු වෙන්න. අපේ පොරොන්දු පක්ෂය සමග අත්වැල් බැඳගන්න. ජනතාවාදී ජන හිතකාමී පොදු ජනවාදය සමඟ එක්වන්න. හොරා කාපු සල්ලි ගෙන වගේම හොරු අල්ලන දේ අනිවාර්යෙන්ම කරනවා. ජාතික ආරක්ෂාවට බලපාන නොපාන එනමුත් පාඩු ලබන ආයතන ලාභ ආයතන කරනවා”
ජාතික ජන බලවේගය
ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය දැමීමට ඉන්දියාවෙන් මිනිසුන් ගෙන ඒමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ BRC පිටියේ පැවැති මැයි දින රැලියට එක්වෙමින්.
රට හදන විසඳුමට ජන බලය එක පෙළට යන තේමාවෙන් මෙවර ඔවුන්ගේ මැයි රැළිය පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “සමහර අය වීජ ගණිතයෙන් කියනවා සීයට තුන පනස් එක වෙන්නේ කොහොමද දේශපාලනය කියන්නේ වීජ ගණිතය නෙවෙයි. මාලිගාවත්තේ සිංදු කියන්න ඉන්දියාවෙන් කට්ටිය ගේනවා රනිල්ට ඡන්ද දාන්නත් ඡන්දදායක ඉන්දියාවෙන් ගේන්න වෙනවා.”
Leave a Reply