Loading...

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා උණුසුම් අයුරින් කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.

මෙවර තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තරඟාවලියේ අනුශූරතාවය හිමි කර ගනු ලැබුවා.

දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *