Loading...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස හඳුනාගත් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය 12 වනදා මීගොඩ ආටිගල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා.

ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ දකුණු පළාත තුළ සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් එම වෙඩික්කරු ඩුබායි හී රැඳී සිටින බවට පැවසෙන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත්ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කරන අයෙකි බවයි.

යුද හමුදාවේ ද සේවයේ නිරතව සිට ඇති මෙම වෙඩික්කරු ලලිත් කන්නන්ගර විසින් ලබාදුන් කොන්ත්‍රාත් අනුව හෝමාගම හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව වෙඩි තැබීම් රැසක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලින් මේ වන විට හෙළිව තිබෙනවා.

මීට අමතරව කොස්ගම හා හෝමාගම සිදුවූ වෙඩි තැබීම දෙකක තොරතුරු දැනටමත්අනාවරණය ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *